hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 4:03



පෙබරවාරි මස මුල් සතිය තුල කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජේෂ්ඨයින් රැසකට නව කැබිනට් අමාත්‍ය ධුර හිමි වනු ඇති.

ඒ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වජිර අබේවර්ධන මහතාට සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක මහතාට මෙම නව කැබිනට් තනතුරු හිමි වනු ඇතැයි සදහන්.

එස්.එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, සී.බීි රත්නායක යන පිරිසට මෙම නව අමාත්‍ය ධුර හිමි විමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.