hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 02, පෙ.ව. 8:09



නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ මාසයේදී සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තමන්ද ඇතුළුව තවත් කැබිනට් ඇමැතිවරුන් 10 දෙනකු ළගදීම පත් කරනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, සරත් වීරසේකර යන මන්ත්‍රීවරුන්ට ඇමැතිධූර හිමිවනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම මන්ත්‍රීවරුන්ගේ නම් ජනාධිපතිවරයාට යවා ඇති බවත් පසුගිය සතියේ නැවතත් පොහොට්ටුවේ නායකයින් විසින් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන දිනය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.