hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:13



ඉදිරි කාලය තුල අමාත්‍යංශ විෂයන් හතරක් සංශෝධනය කිරීමට යන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය, ක්‍රීඩා, ප්‍රවාහන සහ කර්මාන්ත යන විෂයන් බොහෝ දුරට වෙනස් වීමට ඉඩ ඇති බවද වාර්තාවේ.

ඒ අනුව ක්‍රීඩා මහින්දානන්ද අලුත්ගමගේ, සෞඛ්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රවාහන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වජිර අබේවර්ධන මහතාට කර්මාන්ත යන අමාත්‍යංශ ලබාදීමට නියමිත බවද දන ගන්නනට ඇත.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැති බවද වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: