2022 නොවැම්‍බර් 28, පෙ.ව. 9:24
පක්ෂ වල නම් කියන්නේ බෝඩ් ලෑලිවලට බවත් කවුරු නම් හදාගෙන ගියත් අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ගෙදරට එන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා.
ඔහු මේ බව පැවසූවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ,
“පක්ෂය තුළ අසමගිකම් ඇති වෙලා තියෙනවා. ඒ උනාට මැතිවරණයක් එනකොට අපි සියලු දෙනා එකට එක්ක එක් අහුවෙලා මහ ගෙදරට එනවා. අලුතෙන් පක්ෂ දාගත්තට නම් බෝඩ් ලෑලිවලට විතරයි. පක්ෂය තුළ තුල ඕනෑම වෙලාවක අර්බුද ඇති වෙන්න පුළුවන්. සෑම දේශපාලන පක්ෂයක්ම විපක්ෂයේ ඉන්න කොට ප්‍රශ්න තමයි. ඡන්දයක් ආවම ඡන්දෙ දෙන්නේ පක්ෂයට. එදාට මේ සියලු දෙනා ඒකරාශි වෙනවා ඒක විශ්වාසයි. මෛත්‍රීපාල තනිවෙලා නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් අපි ආරාධනා කරනවා. මෛත්‍රිපාලයි චන්ද්‍රිකා එකතු වෙයි. මේක මෛත්‍රිපාලගේ වත් කාගෙවත් බූදලයක් නෙමෙයි. කැඩිලා ගිය සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමඟ යළිත් එකතු වෙයි.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
30-04-25
30-04-25
29-04-25
29-04-25
23-04-25
23-04-25