hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2024 මැයි 07, පෙ.ව. 11:28



මෙරට ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් වන “සලකුණ” වැඩසටහන සඳහා ඊයේ (6) පොදුජන පෙරමුන නියෝජනය කරනා චාමර සම්පත් අමාත්‍යවරයා සහ එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අතර උණුසුම් වාද විවාද ඇති වුණා.

එම වැඩසටහනද එම නාලිකාවේම මින් පෙර පැවැත්වූ පොදුජන පෙරමුණේම නියෝජිතයන් වන තිස්ස කුට්ටි ආරච්චි සහ වීරසුමන සහභාගී වූ “බලය” වැඩසටහන මෙන්ම අශෝභන වැඩසටහනක් වුණා.

එක් අවස්ථාවක තමන් හා ගහගැනීමට පැමිණෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා වැඩසටහන මෙහෙය වූ චමුදිතට සමරවික්‍රමට අභියෝග කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යවේදී චමුදිත කියා සිටියේ තමන්ද ගහ ගැනීමට සූදානම් නමුත් මෙම ස්ථානය ඊට සුදුසු නොවන බවයි.

එමෙන්ම වැඩසටහන අතරවාරයේ කුණුහරුප නොකියනා ලෙස අවස්ථා කිහිපයකදීම ඇමතිවරයාට දැනුම් දෙන්නට මාධ්‍යවේදීන්ට සිදු වුණා.