2023 ජූලි 17, පෙ.ව. 3:35
“කෙහෙලිය රඹුක්වැල්ල එලවන විශ්වාසභංගයට කෙහෙලිය ඇමතිතුමාට වුනත් හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබාදීමට සිදුවෙනවා.” යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හා සමගි ජන බලවේගයේ හබරාදුව ආසනයේ ප්‍රධාන සංවිධායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවා.
කෙහෙලිය ඇමතිතුමාට ඇතිවෙලා තියෙන ඉරණම ගැන කණගාටුවෙන බවත් එතුමාට යන එන මං නැති තත්වයකට පත්ව ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කළා.
ගාල්ලේ දී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදි චන්දිම විරක්කොඩි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළා.
හෙතෙම මෙසේද සඳහන් කර සිටියා.
“බෙහෙත් නැතිව රටේ ජනතාව මිය යනවිට බෙහෙත් නැතිව ජනතාව අසරණ වන විට රෝහලකට යන්න භිය හිතෙන විට ඒ වෙනුවෙන් එකතුනොවන බලවේගයක් හොයා ගන්න නැහැ. හෘද සක්ෂියට අනුව කටයුතු කරන්න සිදුවෙනවා. අමන තින්දු එක්ක තමයි රටේ මෙවැනි අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. හිතුමතයට ගෙන්වනු ලැබු කොවිඩි එන්නත් පාවිච්චි නොකර ගබඩාවල තිබිලා විනාශ වෙලා ගිහින් තියෙනවා. මේවායේ වටිනාකම බිලියන ගණනක් වෙනවා. කිසිදු ලියාපදිංචියක් නැතිව, අනුමැතියක් නොමැතිව ගෙන්වපු ඖෂධ නිසා මේ රටේ ජනතාව අද බෙහෙත් ගන්න භියවෙලා තියෙනවා. ලෙඩක් හැදුණු විට ජනතාව යන්නේ රෝහලට. නමුත් මියගියත් කමක් නැහැ ගෙදර ඉන්න එක හොදයි කියන තත්වයට ජනතාව පත්වෙලා තියෙනවා. කළමණාකාරිත්වය, අවංකභාවය, පිරිසිදුකම ගැන වගකිම පිළිබදව දුප්පත් අහිංසක මිනිසුන්ගේ ජීවිත පිළිබද කැක්කුමක් නැති ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා.” යැයිද චන්දිම විරක්කොඩි මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36