hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 14, ප.ව. 10:11



පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරනවා.

පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද හිටපු ජනාධිපතිනිය කියන්නීය.

මේ වන තුරු කිසිදු අපේක්ෂකයකුට සහාය ලබා දීමට තීරණය කර නැතැයි ද හිටපු ජනාධිපතිනී කාර්යාලය පවසයි.