hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මාර්තු 06, පෙ.ව. 8:11



තමන්ට දේශපාලනය කිරීමට හෝ ඡන්දය ඉල්ලීමට කිසිම අපේක්ෂාවක් නොමැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ, තමන් දේශපාලන වේදිකාවකට ගොඩනැංගේ ඡන්දය ඉල්ලීමට හෝ නමක් හදාගැනීමට නොව, රටේ ජනතාව වෙනුවෙන් බවයි.

පෙර සිටි දූෂිත පාලකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා පන්නා දැමීමට සහ ඒ සඳහා ‘ගෝඨා ගෝ හෝම් ‘ යැයි පැවසීමට පමණක් තමන්ට අවශ්‍ය වූ බවයි රංගන ශිල්පිනි දමිතා මහත්මිය කියා සිටියේ.

අරගලය සිදු කළ ද තමන් තවමත් නින්දා අපහාස විඳින බවත්, ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරදෙන ලෙසත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් තමන් ඉල්ලා සිටීම සඳහා එම වේදිකාව මතට ආ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

සිය රංගන කුසලතාවෙන් නිර්මාණය කරගත් නම තවදුරටත් දේශපාලනය කර හදාගැනීමට අවශ්‍ය නොමැති බවයි දමිතා අබේරත්න මහත්මිය කියා සිටියේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස අතින් ද රට සහ ජනතාව වෙනුවෙන් කිසියම් සේවයක් සිදු නොවන්නේ යැයි තමන්ට දැනුනහොත් එක තත්ත්පරයක්වත් තමන් එතන නොසිටින බව ද ඇය සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා.

Example Image