2023 මැයි 13, පෙ.ව. 2:18
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා විසින් පක්ෂ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හෙලා දකින බව සඳහන් කරමින් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිටු අටකින් සමන්විත ලිපියක් යොමු කර තිබෙනවා.
පක්ෂය භේද භින්න කරමින් කැබලිවලට කඩා දමමින් සංවිධායකවරුන් අතර ප්රතිවිරෝධ මතුවන ආකාරයට කටයුතු කරමින් විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගීමේ ප් රවණතාවක් මතුව ඇති අතර එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පක්ෂ දුර්වල කිරීම බව ද එම ලිපියේ සඳහන්.
ලේකම්වරයාගේ මෙවැනි ක්‍රියා තුළින් පක්ෂයේ ගමන පක්ෂයේ ඉදිරි ගමනට බාධා ඇති කරමින් ගමන් මග අහුරනු ලබන මෙකී කාරණා සම්බන්ධයෙන් පක්ෂය තුළ ඉතා වැදගත් මෙන්ම පුළුල් දේශපාලන කතිකාවතක් ආරම්භ කිරීම කාලෝචිත බව ද එම ලිපියේ දැක්වෙනවා.
එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නා.
“එතුමා දන්නැති කාරණා ගණනාවකුත් ඒක ඇතුලේ තිබෙනවා. එක එක්කෙනාගෙන් අහලා ලියා ගත්තා. මොකද එතුමා අපේ පක්ෂයේ තීරණයට පටහැනිව ක්‍රියා කිරීම නිසා එතුමාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා තිබෙන්නේ දැනට. ඒ නිසා ඒ පිළිබඳව මම නම් සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. මොකද මුලු ලිපියෙම තිබිච්ච කරුණු සම්පූර්ණයෙන් අවලාද, බොරු, අසත්‍ය, කරුණු සහිතවයි ඒක තිබුණේ. දුමින්ද දිසානායක මහත්තයා ලියලා තියෙන්නේ පිටු අටක ලිපියක්. පිටු අට වෙනුවට පිටු විසිපහක, තිහක පොතක් හරි මට ලියන්න සූදානම්. මොකද දුමින්ද දිසානායක මහත්තයලා මේ පක්ෂය පාවා දෙන්න කරපු ක්‍රියාකාරකම් සියල්ල මම ඒකේ හෙළි කරනවා. ඒක කියවලා බලපුවාම තේරෙයි කවුද ද්‍රෝහියා, කවුද වීරයා කියලා.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39