hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 ජූනි 01, ප.ව. 12:01



ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි.

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් පක්ෂයේ කාන්තා සහ තරුණ සමුළු ඉදිරි මාසයේදී දිවයින පුරා පැවැත්වීමට නියමිත බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර ඒ අතරින් ව්‍යවසායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාගේ නම පක්ෂ නායකයන්ගේ ඉහළ අවධානයට යොමු වී ඇති බව වාර්තා වේ.