hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 09, ප.ව. 8:22



සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය හඬපටයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පරිගණක අපරාධ කොට්ඨාසය ඉල්ලීමක් කර තිබෙනවා.

ඇය හා තවත් පුද්ගලයෙකු අතර සිදුවන උණුසුම් වචන හුවමාරුවක් යැයි සඳහන් හඬපටයක් මෙසේ සමාජ ජාලවල හුවමාරු වෙනවා.

රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ කිසියම් පුද්ගලයකු තමන්ට නිතර කරදරකාරි ඇමතුම් ලබා දෙන බවත් කෙටි පණිවිඩ එවා ඇති බවත්ය.

මේ සම්බන්ධ ඇමතිවරියගේ ආරක්ෂ නිලධාරීන් එම පුද්ගලයා ගෙන් ඉල්ලා ඇත්තේ ඇයට කරදරකාරී ලෙස කටයුතු නොකරන ලෙසයි.

එම පුද්ගලයා ඔවුන්ටද අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇතැයි සඳහන් කරනවා.

අදාළ හඬපටය සමාජ මාධ්‍ය ඉවත් කරන ලෙසද රාජ්‍ය ඇමැතිවරිය පොලිසියෙන් ඉල්ලා තිබෙනවා.