2023 ඔක්‍තෝබර් 25, ප.ව. 4:26
පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමනේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් මැදිහත් වීමෙන් ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ වාර්තාවට අනුව තරාතිරම නොබලා ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවා.
නියෝජ්‍ය කතනායකවරයා පැවසුවේ, අදාළ ගැටුම සියැසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාව හඳුනා ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මීළඟ කමිටුවට කැඳවන බවත්ය.
එමෙන්ම ගැටුමට සම්බන්ධ වූ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනාව ද මීළඟ කමිටුව වෙත කැඳවන බවයි නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36