hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 10, පෙ.ව. 12:09



පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා.

‘දරුවන් ලිංගිකත්වය පිළිබඳ සැබෑ තතු දන්නෑ. මේ නිසා ඔවුන් විවිධ කරදරයන්ට පත් වෙනවා. සමහර පාසල් සිසුන් සමාජ රෝගයක් යනු කුමක්දැයි නොදනී. ඇතැම් දරුවන් මෙම රෝග පිළිබඳව නොදැනුවත්වම විවිධ සමාජ රෝගවලට ගොදුරු විය හැකියි. ඔවුන් මේ රෝගවල රෝග ලක්‍ෂණවත් දන්නේ නෑ’ යනුවෙන්ද සඳහන් කළා.

‘දෙමාපියන් තම දරුවන් සමඟ වැඩි කාලයක් ගත කළ යුතුයි. ඔවුන් සමඟ වැඩි කාලයක් ගත කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා’ යයිද ඇය වැඩිදුරටත් කියා සිටියා.