hit counter

2025 ජූනි මස 02 වන සඳුදා

2024 මැයි 11, ප.ව. 5:47



ශ්‍රී ලංකා රූපවාහිනි නාලිකාවේ සජීව විකාශයක් සඳහා කාලය ලබාගෙන ඊට අදාළ මුදල ගෙවීම පැහැර හැරීම මත හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව නඩු පැවරීමට රූපවාහිනි සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම ඩයනා ගමගේ විසින් පැහැර හැර ඇති බවත් හිඟ මුදල ගෙවන ලෙස ඇයට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද එම මගහැරීමට කටයුතු කර ඇත.

ඩයනා ගමගේ රූපවාහිනියේ කාලය ලබාගෙන ඇත්තේ, නවගමුව පෙරහැර සජීව ලෙස විකාශය කිරීමටත් ඒ සදහා වැයවන මුදල් තමන් පෞද්ගලිකව ගෙවන බවට ලිඛිත ප‍්‍රකාශයක්ද ලබාදී ඇත.