hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 5:50



“මම “නයිට් ලයිෆ්” ගැන කතා කළා. “නයිට් ලයිෆ්” කියන්නේ ගණිකා වෘත්තිය නොවේ. ඊට එහා ගිය දේවල් ටිකක් තිබෙනවා. රෑ තිස්සේ මිනිසුන්ට දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා.” යනුවෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු බවත්  සුපර් මාර්කට් වලට බියර් ලයිසන් ලබා දිය යුතු බවත් ඇය සඳහන් කළා.

රට ඉදිරියට ගෙනයන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍ය බවද ඩයනා ගමගේ මහත්මිය කියා සිටියා.

පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ මහත්මිය,

“කංසා කියන්නේ පාරවල් දිගේ බිබී ඇවිදින දෙයක් නෙමේ .මම කතා කතාකරන්නේ විදේශ විනිමය ගැනයි. වෙනස් දේවල් ටිකක් ගැනයි. මම කතා කරන්නේ වෙනත් පැත්තක් ගැනයි. කංසා ශාකය වගා කරන්න නීතියක් අවශ්‍ය නැහැ. කංසා වලට තියෙන්නේ  අවුරුදු 6000 සිට එන සංස්කෘතියක්. 2500ක ඉතිහාසයක් නොවේ. රාවණා කාලයේ ඉඳන් ඒක තිබුණා. අද බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කරලා හිටියා නම් මේ රට ගැන මොනවා කියයිද දන්නේ නැහැ. මම “නයිට් ලයිෆ්” ගැන කතා කළා. නයිට් ලයිෆ්” කියන්නේ ගණිකා වෘත්තිය නොවේ. ඊට එහා ගිය දේවල් ටිකක් තිබෙනවා. රෑ තිස්සේ මිනිසුන්ට දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඒ කිසිම දෙයක් අපේ රටේ නැහැ. හොරෙන් හොරෙන් හැමදේම කෙරෙනවා. මොකද්ද සදාචාරය මේ රටේ. කාන්තාවකට නිගා කරන එක ද සදාචාරය ද? රෑ වෙන තුරු වයින් ස්ටෝස් ටික ඇරලා තියන්න ඕන.රෑ නවයට වයින් ස්ටෝස් වැහුවාම  මිනිස්සු රජයට බදු නොදී පස්ස දොරෙන් අරක්කු විකුණනවා. එමෙන්ම සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයි.මේ රට ඉදිරියට යන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍යයි.”

https://youtu.be/z9nPtpRBllA