hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 01, පෙ.ව. 11:56



සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂයේ බොරැල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයට අද (01) උදෑසන පැමිණ එම පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

‌‌ජෙනරාල් දයාරත්නායක සමගි ජන බලවේගයට එක් වූයේ ඊයේ (31) පෙරවරුවේය.

ඊට විරෝධය පලකරමින් සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) මාධ්‍ය හමුවක් කැඳවමින් ජෙනරාල් දයා රත්නායක දැඩි ලෙස විවේචනය කළා.

එම විවේචනය සම්බන්ධයෙන් කලකිරීමට පත් වූ ජෙනරාල් දයා රත්නායක අද (01) උදෑසන මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයට පැමිණ එහි නායක දිලිත් ජයවීර සමග සාකච්ඡාවක් පවත්වා “සමාවෙන්න” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

එම සාකච්ඡාවේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයේ පලවී තිබෙනවා.