hit counter

2024 නොවැම්‍බර් මස 22 වන සිකුරාදා

2024 ජූනි 22, ප.ව. 7:13



යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බවට හඳුන්වා දෙමින් සිංහල සමාජය තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ තරුණයෙක් වන අරුලානන්දම් අරුන් හෙවත් අරුන් සිද්ධාර්ථ් මව්බිම ජනතා පක්ෂයේ යාපන දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

එමෙන් ම ඔහු එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජික ලෙසද පත් කර ඇති බව සඳහන්.

පසුගිය මාර්තු මස 21 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක විසින් අරුන් සිද්ධාර්ථ් ව එම දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙසයි හඳුන්වා දුන් අතර එහිදී ඔහු රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය සහයෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු 2020 මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ඔහු තරග කළ නමුත් එහි දී ඔහුට ජයග්‍රහණය කරගැනීමට නොහැකි විය.

ඔහු මේ වනවිට යාපනය සිවිල් සමාජයේ නායකයා ලෙසද කටයුතු කරනු ලබයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: