hit counter

2025 මැයි මස 11 වන ඉරිදා

2023 මැයි 23, ප.ව. 12:48



මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය වශයෙන් හෝ කිසිදු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශ්වයෙන් සිදු නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රාජ්‍ය බැඳියාව ව්‍යවස්ථාවේ ද ඇති බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, සම්බුද්ධ ශාසනය සුරකිමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජය දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද කටයුතු කරමින් සිටින බවද අවධාරණය කළා.

ඔහු මෙම අදහස් පළ කලේ, විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.