hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 27, පෙ.ව. 10:45



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කිසිදු පාර්ශ්වයක් විසින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බව ද එම නිවේදනයේ සඳහන්.

මෙය රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රපජක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන් වෙත රැගෙන ආ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පසුගියදා ප්‍රකාශ කළා.

එයට පිළිතුරු ලෙසයි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම නිවේදනය පවා නිකුත් කර ඇත්තේ.

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට පොහොට්ටුවේ බහුතරයක් සටනක නිරත වන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.