hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 ජූනි 13, පෙ.ව. 10:16



නිදහස ජනතා සභාව ලෙස ආණ්ඩුව පෙරළා දැමීමට විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් වන ස.ජ.බ. මෙන්ම ජතික ජන බලවේගය හා අනෙක් සියලුම ලොකු කුඩා විපක්ෂ බලවේග එක් කර ගැනීමට කැප වෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

නිදහස  සභාවේ කැපවීම යනු පාලමේ සමරු ඵලකය ගැසීම නොව පාලම සැකසීමට නායකත්වය දීම යැයිද මන්ත්‍රිවරයා සඳහන් කළා.

ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මේ අසංවේදී අත්තනෝමතික රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා නම් විපක්ෂයේ පළල්ම දේශපාලන පෙරමුණ හෝ සන්ධානය ගොඩනැඟිය යුතුයි. ඒ කටයුත්තේදී අපි නිදහස ජනතා සභාව විදිහට විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් වන ස.ජ.බ. සහ ජා.ජ.බ. එක්ක වගේම, අනෙක්් සියලුම ලොකු කුඩා විපක්ෂ  බලවේග සියලු දෙනා එක්ක කතා කරන්න සූදානම්. නිදහස  සභාවේ කැපවීම පාලමේ සමරුඵලකය ගහනවට වඩා, පාලමෙන් එතෙර වීමට, පොරකෑමට වඩා වැදගත් පාලම ඉදිකිරිමට නායකත්වය දීමයි. මේ සඳහා කාටත් එකඟ විය හැකි පොදු වැඩපිළිවෙළක් (common minimum) නිර්මාණය කරගත යුතුයි.”