hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 07, ප.ව. 3:58



රට නිවැරදි තැනට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදරින් ඈත් වූ සියලු දෙනාට නැවත මහගෙදරට පැමිණ රටේ අනාගතය භාර ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ආරාධනා කර සිටිනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර විවෘත කර ඇති බවයි දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයායි.

පසුගිය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට සහය දැක්වූ අතර දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාද සිටියේ ආණ්ඩුවට සහය දැක්විය යුතු බව කියන මතයේයි.

දීර්ඝ කාලයක් නිහඬව සිටි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට කටයුතු කර තිබුණා.

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සිය අපේක්ෂයන් යොමු කර තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවෙනි.