hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 28, ප.ව. 3:47



1994 වසරේ සිට සමෘද්ධිය ලබා දුන් බවත් ඒ වසර 29 තුළ දුප්පත් මිනිසුන් නැති විය යුතු බවත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවා.

සමෘද්ධිය නොලැබෙන්නේ නම් දේශපාලඥයාට වරද පැටවීම නොසුදුසු බවද ඒ මහතා සඳහන් කර සිටියා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ සමෘද්ධිය ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“සමෘද්ධිය අපි පටන් ගත්තේ 1994. අවුරුදු විසි නමයක් දුප්පත් මිනිස්සු නැති වෙන්න එපැයි. සමෘද්ධියෙන් හැදිලා තියෙනවා. ත්‍රීවිල් එකකුත් ගත්තා. හැබැයි නමට රෙජිස්ටර් කරන්නේ නැහැ. ඇයි ඒ? කාඩ් එක නැතිවෙයි කියලා. නුසුදුසු එකත් සමෘද්ධි ගන්නවා නම් ගමේ, දෙන්න ඕනේ එකාට සමෘද්ධිය නැත්නම්, දේශපාලඥයොන්ද වැරදි කරලා තියෙන්නේ?”