2023 මාර්තු 20, පෙ.ව. 8:26
අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
ගමින් ගමට සුවධරණී දීප ව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී පසුගිය 18 වනදා පැවති අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියා.
එහිදී තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවා.
“මේ වන විට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ මතය ඉදිරිපත් කරල තියෙනවා. රට පුරා පළාත් පාලන ආයතනවල සභිකයින් අට දහසක් පමණ ඉන්නවා. මේක රටට බරක් නිසා තමයි සීමා නිර්ණය කොමිසමක් පත් කරලා එම සභික ප්‍රමාණය අඩු කරන්න පියවර ගත්තෙ. එහි වාර්තාව ලැබුණු සැනින් ඉදිරි කටයුතු කරන්න සූදානම් .
ඒ කියන්නේ මැතිවරණය කල් දානවා කියන එක නෙමෙයි. අපි කිසිසේත්ම මැතිවරණ කල්දාන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කල් දැමීම සුදුසු නෑ. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා. හැබැයි ලබන අප්‍රේල් විසිපස් වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ. ලබන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව නම් කිව හැකියි.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36