hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 03, පෙ.ව. 9:10



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා ඇතු‍ලු ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ හැරගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ‍‍පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පක්‍ෂ කාර්යාලයේ පැවති වි‍ශේෂ සාකච්‍ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

සභාපති ජී. එල්. පීරිස් මහතා පක්‍ෂය හැරදා ගිය ද කිසිඳු අඩුවක් වී නොමැති බව කී සාගර කාරියවසම් මහතා එවැනි අඩුවක් නොපෙණෙන බව ද සඳහන් කර සිටියා.

එම පෙරමුණ හැරදාගිය පිරිසක් නිර්මාණය කළ ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිත කණ්ඩායම නෙළුම් මාවත හෝ මැඳමුලනට කඩාවැටේ යැයි විශ්වාස කරන බව ද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළා.