hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 මාර්තු 04, ප.ව. 5:34



මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබෙනවා.

පසුගියදා රැස්වූ සිය පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව එම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවා.

එම විධායක සභා රැස්වීමට සහභාගී වන ලෙස ජී.එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු ඊට සහභාගී නොවු බවද පක්ෂ ලේකම්වරයා සඳහන් කළා.