hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 මාර්තු 07, ප.ව. 1:07



තමා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සභාපති තනතුරින් ඉවත් කිරීම සම්බන්ධ පුවත “රටම දනී මම නොදනී” වැනි පුවතක් බවත් එය මනංකල්පිත දෙයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ජී.එල්. පීරිස් මහතා පැවැසුවා.

නිදහස් ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවකදී ඊයේ (06) මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළා.

අදාළ කරුණ සම්බන්ධයෙන් කිසිදු ලිඛිත දැනුම්දීමක් තමා වෙත කර නැතැයිද එම නිසා ඒ පිළිබඳ කිසිදු පූර්ව නිගමනයකට ඒමට තමාට හැකියාවක් නැති බවද තමා පක්ෂ තනතුරකින් ඉවත් කළා නම් එය කෙළින්ම තමාට ප්‍රකාශ කරන ලෙසද ඊට ලිඛිත ලියවිල්ලක් තමාට එවන ලෙසද ජී.එල්. පීරිස් මන්ත්‍රිවරයා සඳහන් කළා.

යම් පුද්ගලයකු රැකියාවකින් ඉවත් කරනවා නම් එය දැනුම්දිය යුත්තේ අදාළ පුද්ගලයාට වන අතර ඔහුගේ අසල්වැසියන්ට එය දැනුම්දීමෙන් ඵලක් නැති බවද එවැනි දැනුවත් කිරීමක් නොවුණු තැන එම පුද්ගලයා පසුවදා උදෑසනද අදාළ කාර්යාලයට ගොස් තම රාජකාරි කරනු ඇති බවද ජී.එල්. පීරිස් මහතා කියා සිටියා.

මේ ආකාරයේ අපිළිවෙළකට පක්ෂයක් තියා තේ කඩයක්වත් පවත්වාගෙන යෑමට බැරි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දෙන්නේ යැයිද තමාට බිය නොවී වහාම තමා තනතුරින් ඉවත් කිරීම පිළිබඳ ලිපිය තමාට එවන ලෙසද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා.