hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 මැයි 17, පෙ.ව. 11:44



නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සෙන්දිල් තොණ්ඩමාන් මහතායි.

එමෙන්ම ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.