2023 අප්‍රේල් 29, පෙ.ව. 11:02
පළාත් ආණ්ඩුකාර ධුර දරන සිව් දෙනකු කඩිනමින් එම තනතුරුවලින් ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
මෙලෙස ඉවත් කෙරෙන ආණ්ඩුකාරවරුන් සිව් දෙනාගෙන් එක් අයකු වෙනත් පළාතක ආණ්ඩුකාරවරයකු ලෙස මාරුකර යැවෙනු ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
තවත් ආණ්ඩුකාරවරයකු වෙනත් ප්‍රධාන රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත් කෙරෙනු ඇති.
ස්ථාන මාරු කෙරෙන ආණ්ඩුකාරවරයාට ඔහු දැනට සේවය කරන ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් බහුතරයකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. එනිසා ඔහුට ස්ථානමාරැවක් ලබාදෙනු ඇති.
මෙම තත්ත්වය යටතේ ස්ථානමාරු කෙරෙන ආණ්ඩුකාරවරයා හැර නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සෙසු පුරප්පාඩු සඳහා පත් කරන බව එම ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ සඳහා හිටපු මැති ඇමැතින් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්‍බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39