2023 නොවැම්‍බර් 28, පෙ.ව. 9:59
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටු පිළිනොගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
එම කවුන්සිලය දේශපාලන බලපෑම් පිළිනොගන්නා බවද පැවසූ ඔහු දූෂණ නැති කිරීම ආදී සියලුම දේවල් කළ යුත්තේ නීතිමය රාමුව තුළ පමණක් බවද සඳහන් කළා.
රජයේ මුදල් ක්‍රිකට් ක්‍රීඩාවට වියදම් නොකරන බවත් එම ක්‍රීඩාවට අවශ්‍ය මුදල් සපයනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පමණක් බවද හෙතෙම පෙන්වා දෙනවා.
මේ මොහොතේ ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම් හැකි ඉක්මනින් දින කීපයක් තුළ ඉවත් කර ගැනීම ඉතාමත් වැදගත් වන බව ද හෙතෙම පෙන්වා දෙනවා,
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට මෙම තහනම ඉවත් කර ගැනීම වඩා වැදගත් වන බවත් එම තරගාවලිය හැකිනම් නැවත ශ්‍රී ලංකාවට ගෙනඒමට උත්සාහ කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියා.
ක්‍රීඩා ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කළා.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.
‘මේ වගකීම ඉතාමත් වැදගත් වගකීමක් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාව අපි සියලුදෙනාම ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමන කරන්න ඕනේ ක්‍රියාපිළිවෙත් කිහිපයක් තිබෙනවා. මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතියි අර්ජුන රණතුංග මහතාත්, ඇත්ත වශයෙන්ම සියලුදනො එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිදු කරන්න එකතුවෙනවා නම්. එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගේන්න උත්සහ කරන්න ඕනේ. ඒ වගේම ICC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත නැවතත් ආපසු හරවාගන්න ඕනේ’ යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01