hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 10, ප.ව. 4:19



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කාතව ගැන කටින් හොඳ කිව්වද රටේ ප්‍රශ්න විසඳීමට මන්ත්‍රීවරුන් 225ම එකට එකතු වීමට කොන්දක් තිබිය යුතු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙවන දිනටත් අද (10) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

“නූතන පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපතිවරයෙක්ගේ කතාවකට වැඩිම ප්‍රසංසාවක් ලැබුණු අවස්ථාවක් තිබුණා නම් පක්ෂ පාඨ බේදයකින් තොරව ඒ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරපු කතාව. මේකේ මූලිකවම මම දැක්ක දේ නම් දැක්මක් තිබෙන පුද්ගලයෙක්  කරපු කතාවක් ලෙස මම දකිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි කලින් හිටපු ජනාධිපතිතුමා. මේ රටේ තිබුණු අර්බුදය මොකක්ද කියලා හඳුනා ගන්න එක තමයි රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණ ප්‍රශ්නය. දෙවැනි එක තමයි අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ඕනී. ඒ වගේම අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ඕනී. අරගලය ඇත්තටම පටන් ගත්තේ කවදාද? අරගලය ඇත්තටම පටන් ගත්තේ 2019දී.

මෙච්චර ප්‍රශ්නයක් තිබෙනකොට රටේ ජනාධිපතිවරයාගේ කතාව හොඳයි කියලා කටින් කිව්වට කොන්ද තියෙන්න ඕනී මේ 225ම මේ ප්‍රශ්නය විසඳන්න එකට එකතුවෙන්න. 225ට බැරිනම් එකට එකතුවෙලා මේ මොහොතේදීවත් රට ගොඩදාගන්න ඒක විශාල ප්‍රශ්නයක් බවට දකිනවා. අප්‍රේල් 09වැනිදා අරගලය ආරම්භ වෙන්නේ මේ පසුබිම ඔස්සේ. මේ ප්‍රශ්නත් එක්ක අද අපිට තිබෙන්නේ එකම එක විසඳුමයි. ඒ විසඳුම තමයි මේ රටේ මිනිස්සුන්ව එකතු කරන්න ඕනී නම් ඒ මිනිස්සු එකතු කරන්න පුලුවන් තැනක් තිබෙන්න ඕනී. ඒක තමයි මේ පාර්ලිමේන්තුව. ඒත් තවමත් අපි අර පටු දේශපාලන අරමුණු වල ඉන්නේ.”

https://youtu.be/AcDl9efwyyg