2023 ජූනි 16, පෙ.ව. 10:11
රටේ ජනතාවගෙන් 93%කට තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට සිය දේපළ උකස් තැබීමට සිදුව ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා.
සියයට 66ක ජනතාවට තමන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් කරන වියදම කප්පාදු කරන්න සිදුව තිබෙන බවද මන්ත්‍රිවරිය සඳහන් කළා.
ඇය මෙසේද අදහස් දක්වා සිටියා.
“සමීක්ෂණයකින් හෙළිකර තිබෙනවා, මේ රටේ ජනතාවගෙන් 93%ක් තමන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ දේපළ උකස් තියන්න සිදුවෙලා. වෙනත් කෙනකුගෙන් ණයට ගන්න සිදුවෙලා; තමන්ගේ ඉතිරි කිරීම් වියදම් කරන්න සිදුවෙලා තිබෙනවා කියලා. 93%ක් එසේ මුහුණ දෙනවිට ඉතිරි වී ඇත්තේ මේ දුෂ්ට පාලකයෝ පමණයි. ඔවුන්ගේ ජීවිතවලට පමණයි වෙනසක් වෙලා නැත්තේ. අවුරුදු 75ක පාලනයෙන් රටේ අතිශය බහුතරයක් දුප්පත් කර තිබෙනවා. ඒ සමීක්ෂණයෙන් හෙළිකර තිබෙනවා 66%ක ප්‍රමාණයකට තමන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් කරන වියදම කප්පාදු කරන්න සිදුවෙලා තිබෙන බව. මේ පාලකයෝ මේ රට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය තිබෙන රටක් බවට, පම්පෝරි ගහනවා. එහෙම නිදහස් අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් තිබෙනවා නම්, ඇයි ජනතාව ඒ සඳහා ණය වෙන්නේ. ජනතාවගේ ඉතිරි කිරීම් වැය කරන්නේ ඇයි? උකස් තියන්නේ ඇයි? ජනතාවගේ මූලික අවශ්‍යතාවන් සපුරන්න බැරි පාලකයන් මොකටද? අපි තවදුරටත් ඉවසා සිටිය යුතුද? මේක වෙනස් කළ යුතුයි. මේක මේ දූෂිත පාලකයන්ගෙන් මේ වෙනස කළ නොහැකි බව පැහැදිලියි.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39