2023 ජූනි 30, ප.ව. 1:29
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෝ අපේ රටේ යුදමය තත්ත්වයන් යටතේවත් පාර්ලිමේන්තුව ඉරිදා දින කැඳවා නැති නමුත් හදිසියේම දැන් සෙනසුරාදා හා ඉරිදා දින පාර්ලිමේන්තුව කැඳවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවැසුවා.
ජනතාවගේ ප්‍රශ්න තේරුම් නොගෙන, එක පුද්ගලයකුගේ අවශ්‍යතාව මත මෙය ක්‍රියාත්මක වන බව පැහැදිලි යැයි ඇය සඳහන් කළා.
එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා.
“හදිසියේම දින 05ක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සමඟම හදිසියේම හෙට පාර්ලිමේන්තුව කැඳවනවා. ඉතිහාසයේ කිසිදු දවසක ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව කැඳවා නැහැ. අයවැය කාලයේ කලාතුරකින් සෙනසුරාදා දින පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා. නමුත් ඉරිදා දින පාර්ලිමේන්තුව මෙතෙක් කැඳවා නැහැ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවවත්, අපේ රටේ යුදමය තත්ත්වයන් යටතේවත් පාර්ලිමේන්තුව ඉරිදා දින කැඳවා නැහැ. නමුත් හදිසියේම සෙනසුරාදා හා ඉරිදා දින පාර්ලිමේන්තුව කැඳවීමට සූදානම්. මේ තීන්දු තීරණ සියල්ලම ජනතාවගේ ප්‍රශ්න තේරුම් නොගෙන, එක පුද්ගලයකුගේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. එකේ උපදෙස් වට්ටෝරුව ක්‍රියාත්මක කරමින් ජනතාවගේ දරිද්‍රතාව, වැඩි කරමින් තිබෙනවා. ජනතා ප්‍රශ්නවලට යම්කිසි විධියකට රැකවරණය ලබාදුන් සමාජ ආරක්‍ෂණ ක්‍රමයත් ක්‍රමානුකූලව නැති කරමින් යනවා.”
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18