hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූලි 01, පෙ.ව. 10:33



ඊයේ පැවැති මුදල් කමිටුවේ සම්මත වූ යෝජනාව නොමැතිව වෙනත් යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මෙහිදී අදහස් දැක්වූ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇත්තේ මුදල් කාරක සභාව අනුමත කළ යෝජනාව නොවන බවයි.

එම නිසා යෝජනාව සම්බන්ධයෙන්ඉදිරිපත් කෙරුණු සංශෝධන මුලින්ම ප්‍රකාශයට පත් කළ යුතු බව ඔහු සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මුදල් කාරක සභාවේදී අනුමත නොවූ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.

මේ අනුව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යෝජනාවට සංශෝධනය ඉදිරිපත් කළා.