2022 මැයි 30, ප.ව. 12:37
පවතින ඉන්ධන තොග අවසන් වූ පසු යලි ඉන්ධන ගෙන්වීමේ ගැටලුව මෙන්ම පොහොර ගැටලුව සම්බන්ධයෙන් සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පෙට්‍රල් පෝලිමක සිට ප්‍රකාශයක් නිකුත් කළා.
දේශපාලන විසදුමක් ලෙස පවතින ව්‍යවස්ථාවේ බලතල 19 ට වඩා වැඩියෙන් ලබාගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහයක් සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වා සිටියා.
” අනේ මං දන්නෑ මට නම් එපා වෙලා . ඒත් අපි උත්සාහ කරමු. ජනතාව බලාපොරොත්තු වෙන විසඳුම ලබාගන්න අපි එකතුවෙලා උත්සහ කරමු” යනුවෙන්ද අදහස් දක්වා සිටියා.
දේශපාලන වහා පුද්ගලික වාසි වෙනුවෙන් ඇමතිකම් ගත්තානම් තමන් අද මුදල් ඇමති බව හර්ෂද සිල්වා මහතා පැවසුවා.
එසේම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිම වෙනුවෙන් තවත් 50කට පමණ අමාත්‍යධුර පිරිනැමිමේ සූදානමක් ඇති බවත් ඔහු සඳහන් කළා.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
“මේ අය දේශපාලනය ඇතුළේ තමන්ගේ උවමනාකම්වලට කටයුතු කරනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා දැන් මොකක්ද කරන්නේ? ජනාධිපතිතුමා තවදුරටත් මෙතනම ඉදගෙන 19ට වඩා තමන්ගේ තිබුණ බලය වැඩි කරගෙන ඉන්න යන කථාවක් තමයි අපිටනම් පේන්නේ. දැන් මුළු ලෝකයම පිළිඅරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂගේ වැරදි තීරණ නිසා තමයි මේ රට බංකොලොත් වුණේ කියලා. අයි.එම්.එෆ්. ප්‍රධානියා එන්.ඩී.ටී.වී. එකට කියනවානේ කවුරු නිසාද මේක වුණේ කියලා.හැබැයි අපි ඒ විදිහටමයි ඉස්සරහට යන්නේ. මේක සුද්ධ කරන්න ඕන. අපිට තේරෙනවා මේක එක පාරට කරන්න බැරි බව. නිෂ්චිත කාලරාමුවක් දෙන්න ඕන.”
“අපි එහොම කළෝතින් යමකිසි විදිහකට මේකට විසඳුමක් හොයන්න පුළුවන් ජාතික ආණ්ඩුවක් හදලා. නැත්නම් කොහොමද කරන්නේ. ඔය පනින කට්ටිය 50කට කොහෙද තව ඇමතිකම් දෙන්න යනවා. ඇමතිකම් දීලා 21 වැනි සංශෝධනය පාස් කර ගන්න යනවා. මටනම් එපා වෙලා තියෙන්නේ. හැබැයි අපි උත්සාහ කරමු. වෙන කරන්න දෙයක් නෑ. අපි ඔක්කොම එකතුවෙලා මිනිස්සු බලාපොරොත්තු වෙන දේ කරන්න ට්‍රයි කරමු. දේශපාලන වාසි ගන්න නොයෙකුත් පුද්ගලයන්ගේ පුද්ගලික වාසි තකා ඇමතිකම් අරගෙන වැඩක් නෑ. එහෙම නම් මම අද මුදල් ඇමති. වැඩක් නෑ. අපි රට ගැන හිතනවානම් වෙනස කරන්න සිද්ධ වෙනවා. හැමෝම එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදලා අපිට පුළුවන් වෙයි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. ඒක තමයි මම විශ්වාස කරන්නේ”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39