2023 ජූනි 22, ප.ව. 4:13
“හරීන්ලත් එක්ක රෑ තිස්සේ පබ්වල බොන අපේ පක්ෂෙ කට්ටිය කවුද කියලා මම නායකතුමාට කියලත් තියෙනවා. මම දන්නවා උදේට සජිත් සර්ගේ රැස්වීමේ ඉඳගෙන ඉන්නවා නායකතුමාගේ. රෑට ගිහිල්ලා ඒවල කතා කරපු ඔක්කෝම එකේ රිපෝට් එක දෙනවා රනිල්ට.” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවා.
සමගි ජන පවුර 131වන වැඩසටහනට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.
එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,
“දැන් තියෙන ප්‍රශ්නය ඒක නෙමෙයි. මේ අරගලය හේතුවෙන් රටේ ජනාධිපති වෙච්ච රනිල් රාජපක්ෂ අද තමුන් ආපු කොන්ත්‍රාත්තුව කරගෙන යනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ රාජපක්ෂ කණ්ඩායමම ආරක්ෂා කරනවා. දැන් මම මේ මේ දැන් තිස්ස අත්තනායක ජාතික සංවිධායකතුමාත් එක්ක කතා කරලා මෙතන්ට එනකොට මම කතා කරපු අවසාන වචන ටික තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් රාජපක්ෂ ඔබතුමාට කතා කරාද? තිස්ස අත්තනායක මැතිතුමා කියනවා ඔව්. හැබැයි මම කිව්වේ එක දෙයයි. කරුණාකරලා රාජපක්ෂලාගෙන් අයින් වෙන්න. එහෙම වුණොත් අපි හිතලා බලන්නම්. සාධාරණ කතාවක්නේ. හැබැයි මෙතන කණගාටුදායක තත්වය තමයි මම නම් අතිශය අතිශය කම්පාවෙලා සහ හරිම ඇත්තටම තරහෙන් ඉන්නේ. මේ දිව දෙකේ මිනිස්සුත් එක්ක මේ අපේ පක්ෂේ. මේක ඇත්තටම කියන්න ඕනේ කතාවක්. දැන් මට නම් සර් අද වෙනකන් රනිල් රාජපක්ෂ කෝල් කරලා නැහැ. ඇයි කෝල් කරන්නේ නැත්තේ? දන්නවා කෝල් කරොත් හොඳ දෙයක් අහගන්න වෙනවා කියලා.
මේ රනිල් රාජපක්ෂ අද වෙනකන් වෛර කරන දේශපාලඥයෝ කිහිප දෙනෙක් ඉන්නවා නම්, එක්කෙනෙක් මම. එක්කෙනෙක් සජිත් රේමදාස. එක්කෙනෙක් ඔබතුමා. එක්කෙනෙක් අ රංජිත් මද්දුමබණ්ඩාර. ඒ වගේ කිහිප දෙනෙක් ඉන්නවා. දැන් මාත් එක්ක නං තියෙන තරහා වෙන මුකුත් නෙමෙයි. එතුමාගේ ගේ පිච්චුනා. එතුමා හිතනවා මම එතුමාගේ ගේ ඉස්සරහට ගියපු නිසා. රටේ ලෝකේ මිනිස්සු එතුමාගේ ගේ දැනගත්තා කියලා. දැන් මේ ඊයේ පෙරේදාත් කොහේ හරි තැනක එතුමා කතා කරනකොට කියලා තියෙනවා එතනත් ඒ පිච්චිච්ච කතන්දරේ තමයි කියන්නේ.
ඒ කියන්නේ තාම එයාගේ හිතෙන් ඒ තරහ ගිහිල්ලා නෑ. ඒ කෙසේ වෙතත් දැන් මේ වගේ සෘජුව රනිල් රාජපක්ෂට කියන අයත් ඉන්නවා. හැබැයි සර් මම පෞද්ගලිකව දන්නවා. හරීන්ලත් එක්ක රෑ තිස්සේ පබ් වල බොන අපේ පක්ෂෙ කට්ටිය කවුද කියලා. මම මේවා නායකතුමාට කියලත් තියෙනවා. මම දන්නවා උදේට සජිත් සර්ගේ රැස්වීමේ ඉඳගෙන ඉන්නවා නායකතුමාගේ. රෑට ගිහිල්ලා ඒවල කතා කරපු ඔක්කෝම එකේ රිපෝට් එක දෙනවා රනිල්ට. මුන් එක්ක තමයි අපි පක්ෂ කරන්න හදන්නේ. මෙහෙම මිනිස්සු ටිකක් එක්ක ද අපි ආණ්ඩුවක් ගන්න හදන්නේ?”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36