hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 අප්‍රේල් 07, පෙ.ව. 10:30



සමෘද්ධි නිලධාරීන්ට සහන සැලසීමට නව කැබිනට් පත්‍රිකා හතරක් ඉදිරි කාලයේදී නිකුත් වන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා පැවැසුවා.

ඊට අමතරව සමෘද්ධි නිලධාරීන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජනාධිපති, අගමැති, ජනාධිපති ලේකම් සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ඊට සාධනීය ප්‍රතිචාර ලැබුණු බවද ජගත් කුමාර මන්ත්‍රිවරයා සඳහන් කළා.

නමුත් ඇතැම් පිරිසක් ඊයේ (06) දැවැන්ත වැඩ වර්ජනයක් කරන බවට පැවැසුවද එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවද සමෘද්ධි බැංකු 1086කින් අති බහුතරයක් ඊයේ (06) රාජකාරි කළ බවද ජගත් කුමාර මන්ත්‍රිවරයා පැවැසුවා.

අඩු ආදායම්ලාභීන්ගේ මුදල් සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් ලබාදීමට කටයුතු කරන බවද ගර්භණී මවුවරුන්ට රුපියල් 10,000ක් ලබාදීමේ කටයුතු මේ වනවිටත් සමෘද්ධි නිලධාරීන් සිදුකරන බවද ජගත් කුමාර මන්ත්‍රිවරයා කියා සිටියා.