hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 10, පෙ.ව. 9:31



“ගහපියකෝ අප්පුඩියක්වත් හත් ඉලව්වේ. අර එකෙක් ෆෝන් එකේමයි. සුදු ඉන්න දැන් කීයද වෙලාව? සුදු දොළහමාරයි. කලබල වෙන්න එපා. දෙක වෙනකොට එන්නම් කියලා කොටනවා රෑ. තොපි ඕක කොටා ගනින්කෝ. පස්සෙනේ. ආවේ දැන් මේ උස්ස ගන්නනේ ආවේ මේක. අර බීම බෝතලේ අතේ දැන් අත්පුඩියක් ගහලා පොඩි ගැම්මක් අර පොළොන්නරුවේ නායකයෝ ගියපු වෙලාවේ එහෙමනේ මේක දෙන්න ඕනා.” යනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා පැවසුවා.

ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ආසන සම්මේලනයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

පොළොන්නරුව කියනවා අභිමානය පොහොට්ටුව තුළ රන්දමින් අදටත් පොළොන්නරුවේ ඔබට එගොඩ මෙගොඩ නායකත්වය ලබාදෙන ගරු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමනි අවසරයි ඔබතුමාගෙන්. ගහපියකෝ අප්පුඩියක්වත් හත් ඉලව්වේ. අර එකෙක් ෆෝන් එකේමයි. සුදු ඉන්න දැන් කීයද වෙලාව? සුදු දොළහමාරයි. කලබල වෙන්න එපා. දෙක වෙනකොට එන්නම් කියලා කොටනවා රෑ. තොපි ඕක කොටා ගනින්කෝ. පස්සෙනේ. ආවේ දැන් මේ උස්ස ගන්නනේ ආවේ මේක. අර බීම බෝතලේ අතේ දැන් අත්පුඩියක් ගහලා පොඩි ගැම්මක් අර පොළොන්නරුවේ නායකයෝ ගියපු වෙලාවේ එහෙමනේ මේක දෙන්න ඕනා.

ඒ නායකත්වයට ජවය දෙන, ශක්තිය දෙන මගේ ආදරණීය තරුණ මිත්‍රයා පාර්ලිමේන්තුව තුළ දෙසැරයක් හිතන්නැතුව නොබියව තමන්ගේ හඬ අවදි කරන එගොඩ මෙගොඩ දුප්පත් ජනතාවගේ ආදරණීය නායකයා ඔබේ ආසනයේ ආදරණීය නායකයා මගේ ආදරණීය හිත මිත් රයා මගේ ආදරණීය ජගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරයා අවසරයි ඔබතුමාගෙන්. දැන්නම් බඩු හරි. ඒ වගේම තමයි මං අහගෙන හිටියා මේ පොලොන්නරුව කියන්නේ වෙනමම මානසික ආකල්ප තියෙන දිස්ත්‍රික්කයක්. අර පැත්තෙන් අම්පාරෙන් බත සපයන කොට අර පැත්තේ තිස්සමහාරාම හම්බන්තොටින් බත සපයනකොට සමස්ත රටට මේ අනුරාධපුර රාජධානියක් විදිහට බත සපයනකොට මේ රටට, පොළොන්නරුව මේ කිසිම තැනකට දෙවෙනි වුණේ නැහැ.

එහෙම බත සපයන පොළොන්නරුවේ ආදරණීය දුක් විඳින ජනතාවට තිබුණු දැවැන්ත එක ම පීඩනය තමයි යුද්ධය. යුද්ධයෙන් තමයි අපේ හාමුදුරුවනේ බැට කෑවේ. දැනට නායක ස්වාමීන් වහන්සේත් කිව්වා. ඒ බැටකාපු යුද්ධය අනිත් සියල්ලම කරන්න. සියල්ල අමතක කරා. ඒ බැටකාපු යුගය නිමා කරමින් ආදරණීය අම්මාට, පුතා අහිමි කරමින් පෙට්ටිය ගෙදරට ආපු යුගය නිමා කරමින් ආදරණීය බිරිඳට ආදරණීය සැමියෙක් අහිමි කරමින් පෙට්ටිය ගෙදරට ආපු යුගය නිමා කරමින් මේ රටේ තිස් වසරේ යුද ගිනිදැල් නිමා කළ එතනින් නොනැවතී මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් දැවැන්ත සංවර්ධනයක් කළ ඔබේ, මගේ ආදරණීය සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ මේ රට එතුමාගෙන් නතර වුණු සංවර්ධනය දෝතට දීමේ බලාපොරොත්තු සහිතව හම්බන්තොටට නායකත්වය ලබාදෙන්න බය නැතුව හම්බන්තොටටත් මේ රටත් භාරදෙන ඔබේ මගේ ආදරණීය තරුණ නායකත්වය තරුණ තරුණියන්ගේ හදවතට කතා කරන නායකත්වය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමනි අවසරයි ඔබතුමාට. ඒ වගේමයි පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය ගැන කතා වැඩක් නෑ.

මගේ ළඟ ඉන්නකන් අමාරුයි මල්ලි කියනවා. අමාරුයි මල්ලි කියනවා මැඩම් කහිනවා. එහෙමයි මැඩම් කියනවා මං කහිනවා. මැඩම්ට මම කියනවා මගෙන් බෝවෙයි. මැඩම් මට කියනවා මගෙන් බෝවෙයි. හැබැයි කිසිම කැහිල්ලක් නැහැ. උණුවතුර එකක් දෙන්න මල්ලි කිව්වා. ඇරලා කොහොමද දීපු ඇහිල්ල? අරහෙන් මාළු පාන් කකා හිටපු උන්දැලා මෙතන මං බලනකොට. හැමදාම අපිට ජවය දෙන ශක්තිය දෙන අපේ ආදරණීය කාන්තා නියෝජනය අපේ අම්මා කෙනෙක් හා සමානයි දේශපාලනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය නායිකාව පවිත්‍රා දේවි වන්නිආරච්චි ගරු ඇමතිතුමියනි අවසරයි ඔබතුමියට. අම්මට සිරි වෙන අවසර ගැනිල්ලක්. තාම අවසර විතරයි.

අද නම් යන්න වෙන්නෑනේ? තාම අවසරයක් ඒ වගේමයි පක්ෂය වැටුණු තැන නැගිට්ටවන මේ පක්ෂයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන මේ රටේ විපක්ෂ බලවේග වලින් හරි හරියට පහර එල්ල කරන ඒ පහර එල්ල කරන කොට ඇත්ත කියලා හිතන අපේ අයත් ඔලුව වනන හැබැයි වැටෙන වැටෙන තැන මේ පක්ෂය නැගිට්ටවන යාන්ත් රණයේ හිමිකරුවා බැසිල් රාජපක්ෂ මැතිදුන්ට නොදෙවෙනි විදිහට ඒ සහයෝගය ලබාදෙන තමන්ගේ වෘත්තීය අමතක කරමින් තමන්ගේ ආත්ම ගරුත්වය අමතක කරමින් පක්ෂය වෙනුවෙන් දෙවතාවක් නොහිත හඬ අවදි කරන අපේ ආදරණීය මහලේකම් තුමනි, අවසරයි සාගර කාරියවසම් මැතිතුමනි, අවසරයි ඔබතුමා.

ඉතුරු ඔක්කොම බල්බ් ටිකට අවසර ගන්නවා. සභාපතිතුමන්ලා, නගරාධිපතිතුමන්ලා අපේක්ෂකතුමන්ලා, තුමියන්ලා දැන් ටිකක් ඉන්නවා ජවයෙන්. දහයක් එකතු කරගන්න බැහැ කිව්වා. අපේක්ෂකයෙක් නැහැ කිව්වා. ගියොත් මහත්තයා දික්කසාද වෙනවයි කිව්වා. ගියොත් නෝනා දික්කසාද වෙනවයි කිව්වා. දරුවෝ අතේ එල්ලුනා අම්මේ තාත්තේ අත්සන් කරන්න යන්න එපා කියලා. ඇයි? රටේම මැරුවේ අපේ එකයි. මැරුවා අපේ එකෙක්. ඒ මැරුවේ පොළොන්නරුවේ ඔබේ නායකයා අපේ එකා. ඒ මැරුවේ ඒම මරලා තියෙද්දී පොළොන්නරුවෙත් ආදරණීය පාක්ෂික සහෝදරවරු මේ පාර බය නැතුව නොමිනේෂන් එකට අත්සන් කරා. නිහතමානීව හිස නමලා ඔබෙන් අවසර ගන්නවා. ඒ වගේමයි හැමදාම අපේ පක්ෂෙට ජවය දෙන ආදරණීය ප්‍රදේශයේ රත්තරන් අම්මලා, තාත්තලා, සහෝදරවරු, දූ දරුවෝ සියලු දෙනාගෙන් අවසරයි.දැන් තමයි අවසර අරන් ඉවර.

දැන් වාඩිවෙලා ඉන්නකොට ඔබට හිතෙනවා ඇති යම් සිතුවිලි. දැන් මේ ආසන සම්මේලනය තියෙනකොට උදේ ජගත් සහෝදරයට මං කතා කළා. කීදෙනෙක් විතර ජගත් අයියේ බලාපොරොත්තු වෙනවාද? එක්දාස් පන්සීයක් විතර බලාපොරොත්තු නම් වෙනවා පුටු ටිකක් දාලා නම් තියෙනවා මේ උන්දැලා කොහොම කරයිද දන්නෑ මල්ලියේ කියලා පොඩි එකක් හිතක් යටි හිතේ තියෙනවා. ඊයේ රෑ ගම්ලත් මැතිතුමාට කතා කරපු වෙලාවේ ඇහුවා සර් කොහොමද තුනක් තියෙනවා පළවෙනි එකට තමයි ඉස්සෙල්ලම එන්නේ ලොකු හෝල් එකකුත් තියෙනවා කියලා ආරංචියි කොහොම වෙයි ද? දන්නේ නැහැ මන්ත් රීතුමා කියලා නම් තියෙනවා එකෙක් මරලත් ඉන්නේ අපේ. ඒ නිසා මොනවා කරයිද දන්නේ නැහැ කිව්වා.

මම ඇවිල්ලා වාහනේ එතන බැහැලා මේ දොරෙන් එළියට එනකම් සැකය තිබුණා. මතක තියාගන්න මේ මැදින් ඇවිල්ලා වාඩි වෙනකොට ඒ සැකේ හැරිලා සමස්ත රටේ තියපු ආසන සම්මේලන වලට සාපේක්ෂව ඉතාම සාර්ථක ආසන සම්මේලනයක් ඔබ කළා කියන කාරණාව ඉතා පැහැදිලිව ඔබට මතක් කරනවා. ඒක තමයි පොළොන්නරුවේ ජවය. මං ජගත් අයියට කිය කියා හිටියේ අද මාධ්‍යවල යන්නේ පොළොන්නරුවේ ජවය. අද ෆේස්බුක් එකේ යන්නේ පොළොන්නරුවේ ජවය. අද රටටම පණිවිඩය දෙන්නේ පොළොන්නරුවේ ජවය. ඒ නිසා හිතේ දෙගිඩියාවක් තියාගන්න එපා. පරණ මැතිවරණ සියල්ල ජයග්‍රහණය කළා සේ එන ඕනෑම මැතිවරණයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඔබ ජග්‍රහණය කරවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවයි කියන විශ්වාසය අපේ හදවත් වල දැන් තියෙනවා.”