hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජනවාරි 14, ප.ව. 1:41



පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කවරේ දැයි අධ්‍යයනය කිරීමට නීතිඥ කණ්ඩායමක් පත්කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධව පසුගිය 12 දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව ඉතා පැහැදිලිව ම පෙන්නුම් කරන්නේ ඉහළ දේශපාලන තලය මෙම ප්‍රහාරය වළක්වාලීමට කටයුතු කර නැති බවයි.

ඒ සඳහා වන්දි ගෙවීමට පමණක් නියෝග කිරීම ප්‍රමාණවත් නොවන බැවින් අලුතින් නඩුවක් නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මේ පිළිබඳව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියේදී මැදිහත් විය යුත්තේ කෙසේ ද යන්න නිරවුල්ව අධ්‍යයනය කළ යුතුව ඇති බව ද දිසානායක මහතා සඳහන් කළා.

ඒ අනුව ඊට අදාළ නීතිඥ කණ්ඩායමක් පත් කළ අතර ඉදිරි ක්‍රියාමාර්ග ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරන බව ත් හෙතෙම සඳහන් කර සිටියා.

කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට සාධාරණය, යුක්තිය ඉටු කිරීමට රජය වහා ම මැදිහත් විය යුතු බව ඔහු වැඩිදුරට ත් අවධාරණය කළා.

Example Image