hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 01, ප.ව. 5:38



ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා (01) දින පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් කැදවා විරෝධතාවයක නියැලිම හේතුවෙන් නුවරඑලිය අවට පොලිස් ස්ථාන වලින් අමතර පොලිස් බලැණි නුවරඑලියට කැදවා තිබුණි.

නුවරඑලිය පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන ගොස් තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කර කැළණිවැලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු වතු පාලන අධිකාරියේ නිලධාරින් රැසක් පැය කිහිපයක් තේ කර්මාන්ත ශාලා අඩස්සියේ රදවා තබා ගැනිමට එරෙහිව එම වතුයායේ පාලන අධිකාරිය විසින් (01) දින නුවරඑලිය පොලිසියට කල පැමිණිල්ලකට විරෝධය පාමින් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස නුවරඑලිය පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නියැලිණ.

විරෝධතාවයේ නියැලි සිටි අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලිසිය තුලට පැමිණෙන ලෙසට නුවරඑලිය පොලිසියේ නිලධාරින් අවස්තා කිහිපයකදි ඉල්ලිම් කලත්, එම ඉල්ලිම් ප්‍රතික්ෂේප කල අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පසුව පොලිසිය තුලට ගොස් උසස් පොලිස් නිලධාරින් සමග සාකච්ඡා කර පිටතට පැමිණ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලන අධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනිමට එකගතාවය පල කල බවයි.

අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරිමෙන් පසු ආධාරකරුවන් පොලිසිය ඉදිරිපිටින් විසිර ගියහ.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාට සහ එම පක්ෂයේ ආධාරකරුවන්ට එරෙහිව පැමිණිලි කල පාර්ශවය පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේද යන්න පිලිබදව අප නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ පැමිණිල්ල කල පාර්ශවයේ කිසිවෙකු පැමිණිල්ල ඉල්ලා නොකර ගත් බවයි.

Example Image