2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
රජය ඖෂධ මිල අඩු කළ බවට ජනමාධ්‍ය මගින් පැතිරෙන පුවත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයෙන්ම විවේචනයක් මතුවී තිබේ.
දේශපාලන සම්බන්ධයක් ඇති ඖෂධ සමාගමක සැපයුම් අධිකාරිය නතරවීම නිසා ඖෂධ නිශ්චිත සංඛ්‍යාවක් වෙළඳපොළේ සැබෑ මිලට ලබා ගැනීමට හැකිවීම සියයට දෙසීයකින් ඖෂධ මිල පහත හෙලීමක් ලෙසට අර්ථකථනය වීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇත.
වැඩි වශයෙන් භාවිතා වෙන දියවැඩියාව අධිරුධිර පීඩනය, හෘද රෝග,කොලෙස්ටරෝල්, ස්වසන සහ ආන්ත්‍රික රෝග සදහා වෙළෙඳ පොලේ තිබෙන ඖෂධ වල මිල අඩුවීමක් නොවූ පසුබිමක මෙසේ සිදුවන වැරැදි සන්නිවේදනය නිවැරැදි නොකිරීම ගැන ජනතාව විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් වන වෛද්‍යවරු පිරිසක් සිය විරෝධය පළ කර තිබේ.
කිසිදු සොයාබැලීමකින් තොරව ජාතික ජන බලවේගයට සම්බන්ධ ඇතැම් නවකයන් ඖෂධ මිල අඩු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම ගැන ද ඔවුන්ගේ විවේචනය එල්ල වී ඇත.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36