2023 මාර්තු 02, පෙ.ව. 2:44
            
ඡන්දය පැවැත්වීම වෙනුවෙන් දැනට ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතයන් හමු වී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
මේ අතර තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් ජාත්‍යන්තර සංවිධානද දැනුවත් කර තිබෙන බවත් ඔහු සඳහන් කළා.
“ආණ්ඩුවට පැහැදිලිවම ජනමතය ඉස්සරහ දණ ගහන්න වෙනවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි එහෙම නොවෙනවා නම් සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව අපිට ගත හැකි සියලුම විරෝධතා අපි ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දිහා අපි බලාගෙන ඉන්නවා. අප නීත්‍යනුකූලව ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. අපි ජනතාවට කියන්නේ මේ ඡන්දය දිනා ගන්නවා වගේම මැතිවරණ ප්‍රතිඵලයෙන් ජයග්‍රහණය කරනවා. ඡන්දය වගේම ඡන්ද ප්‍රතිඵලයත් දිනාගන්නවා.” යැයි හදුන්නෙත්ති මහතා පැවසුවා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18