hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 8:23



විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී ජාතික මට්ටමෙන් සහාය දැක්වීමට එකඟතාව පළ කර ඇතැයි එම පක්ෂය ආරංචි මාර්ග පවසනවා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ආසන සමුළු පැවැත්වීමේ වැඩපිළිවෙළ රටපුරාම පවත්වා අවසන් කිරීමට ද තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ත්‍රස්තවාදී පනත යටතේ වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් රඳවා තබා ගැනීම පිළිබඳව ද ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම කරනු ලබන බව ද මධ්‍යම කාරක සභාවේ දී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: