hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 31, පෙ.ව. 11:09



ඛනිජ තෙල් සැපයුම අඩපණ කරමින් ක්‍රියා කළ බව කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් ඇතුළු විසිදෙනකු අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් කනස්සල්ලෙන් පසුවුවද විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතාට ඇඟිල්ල දිගු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නැතැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

විධායකයේ බලතල ඇමතිවරුන්ට පවරා ඇතැයිද කාංචන විජේසේකර ඇමතිවරයාටත් ඇත්තේ එවැනි බලය පැවරීමක් යැයි බණ්ඩාර මහතා පැවසුවා.

කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු ගැන කිසිදු ඇමතිවරයෙක් තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයෙන් අදහස් ලබාගත යුතු නැතැයිද බණ්ඩාර මහතා සඳහන් කළා.

විධායකය විසින් ගනු ලබන ඇතැම් තීන්දු ගැන දේශපාලන පක්ෂයේ මතයෙන් ඔබ්බට ගොස් සිතිය යුතු යැයි ද මන්ත්‍රීවරයා චෝදනා කළා.

සිය පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් සම්බන්ධයෙන් ගත් තීන්දු ගැන ඔවුන් කනස්සල්ලෙන් පසු වෙන්නේ යැයි ද එය දේශපාලන පක්ෂයේ මතය යැයි ද ඔහු පැවසුවා.

එහෙත් එසේය කියා විදුලිබල ඇමති කංචන විජේසේකර මහතාට ඇඟිල්ල දිගු කිරීමට කටයුතු නොකරන්නේ යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.