hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 ජූනි 15, ප.ව. 4:54



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සටන ලබන 30 වැනිදා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පැවැත්වීමට නියමිත රැලියකින් එය ආරම්භ කරන බවද වාර්තා වෙනවා.

මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති ආරක්ෂක උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවද වාර්තා වෙනවා.

මේ සදහා මාතර දිස්ත්‍රික්කයේ සියලු එජාප සංවිධායකයින් ද එක්ව තිබෙනවා.

ඒ අනුව මෙම රැලිය සදහා අමාත්‍ය කාංචන විජේසේකර මහතාට සහාය දක්වන මාතර දිස්ත්‍රික්කයේ ජනතාව පමණක් සහභාගී වීමට නියමිත බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලිකලා.