hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 30, ප.ව. 5:57



දිර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු මෙන්ම හිටපු නියොජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන් මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම්, සිය පක්ෂයේ සහාය ඔහුට ලබා දීමට තීරණය කර තිබෙනවා.

සිය පක්ෂය වන දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස් වී මෙම තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.

අගාධයට යමින් තිබුණු රටේ ආර්ථිකය ජනාධිපතිවරයා විසින් යළි ගොඩගත් බවත් ඒ වෙනුවෙන් ඔහුට සහාය ලබා දීමටත් පක්ෂයේ වැඩි බහුතරය තීරණය කර ඇතැයි සදහන්.

රට ගොඩනගමින් රනිල් වික්‍රමසිංහ මහතා යළි කල සේවය නිසා ඔහු ජනාධිපතිදූරයට පත්විය යුතු යැයි තමන් විශ්වාස කරන බවත් කරුණා අම්මාන් මහතා වැඩිදුරටත් පවසනවා.