hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 22, පෙ.ව. 10:31



“මම තීන්දු කරලා තියෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහා ගන්නට බැරිනම් තවදුරටත් තනතුරු දරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.මොකද ඒක සමාජයට සහ සේවයට කරන අඩුපාඩුවක් හැටියට එහි වගකීම මට භාර ගන්න වෙනවා මොන හේතු තිබුණත්.” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාස 9ක පමණ ක්‍රියාවලියක් පවතින බවත් ඖෂධ ගෙන්වීමේ දී මුදල් සම්බන්ධ ගැටළුවක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

අද දවස තුළ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද සදහන් කළා.

“ඖෂධ මිලදී ගැනීමට මුදල්වල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන අද වැඩබලන මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරනවා. ඖෂධ මිලදී ගැනීමට මුදල් ගැනීමට හැකියාවක් නැත්නම් එය මේ සභාවට දැනුම් දෙනවා. මේ මුදල සොයාගන්න බැරිනම් තනතුරු දැරීමේ බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම කළොත් එය සමාජයට කරන, සෞඛ්‍ය සේවයට කරන විශාල අඩුපාඩුවක් වෙනවා.එහෙම අඩුපාඩුවක් වුණොත් ඒ වගකීම මට බාරගන්න බැහැ.

ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ බරපතළ ගැටලු තියෙනවා. මිලදී ගැනීම් ක්‍රියාවලියේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණයට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන කනගාටුව පළ කරනවා. අධිකරණ ඇමැතිතුමා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා.”

Example Image