2023 ජූලි 17, පෙ.ව. 10:29
විපක්ෂය ගෙන එන්නේ යැයි කියන විශ්වාසභංගයට මුහුණ දීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඊයේ (16) ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.
තමාට ඇමැතිකම් ලොකු නොමැති බවත්, ඇමැතිකම් අතහැර යෑමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත්, නමුත් තමන් බොරු චණ්ඩින් හමුවේ අභියෝගවලට බයේ වගකීම් අතඇර පලා යන පුද්ගලයකු නොවන බවද ඒ මහතා සඳහන් කළා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව සැලසුම් සහගතව සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් තිබෙන බවත් ඒවා සියල්ල අසත්‍ය බව ඔප්පු කර පෙන්වන බවත් ඇමැතිවරයා අවධාරණය කර සිටියා.
තමන් මේ වනවිට අමාත්‍ය ධුර 08ක් හොබවා තිබෙන බවත් සෞඛ්‍ය ඇමැති ලෙස මේ රටේ ලක්ෂ 220ක් වන ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ වගකීම ඉටු කරන්නට තමන් එදත් අදත් හෙටත් කැපවී සිටින බවත් හෙතෙම පැවැසුවා.
විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට මුහුණදී පරාජය කරන්නේ අපියි කියා තම පාර්ලිමේන්තු සගයන් ප්‍රකාශ කළ බවත් දේශපාලනඥයකු ලෙස එය තමන්ට විශාල ශක්තියක් බවත් රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මහනුවර – කමල් සුරවීර
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01