hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2023 ජූනි 27, පෙ.ව. 10:47



විකාශන අධිකාරි පනතට කිසිදු අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය ලැබෙන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.

තමන් එය වගන්තියෙන් වගන්තියෙන් කියවා බැලූ බවත් ඒ අනුව ඒ සඳහා කිසිදු දවසක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතියක් නොලැබෙන බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා කියා සිටියා.

මහනුවර දී ඊයේ (26) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

අස්වැසුම සඳහා අඩු ආදායම් ලාභීන් තෝරාපත් කර ගැනීමේ සමීක්ෂණ කටයුතු සඳහා රජය පළපුරුදු නිලධාරීන් වෙනුවට සිවිල් සංගම් සංවිධාන නියෝජිතයන් හා ශිෂ්‍යයන් යොදවා එම සමීක්ෂණ කටයුතු කිරීම හේතුවෙන් එම ලැයිස්තුවල විශාල අඩුපාඩුකම් දක්නට ලැබෙන බවත් දැනට තිබෙන තත්ත්වය අනුව සුදුසු අය කැපී ගොස් නුසුදුසු අය ගේ නම් ලැයිස්තු වලට ඇතුළත්ව තිබෙන බවක් පෙනෙන්නට තිබෙන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළා.

විදුලි බිල අධීක්ෂණය කර සහනාධාර ලාභීන් තෝරා ගන්නා ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් අඩු ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන අයට මෙම සහනාධාරය ලබාදීමට තීරණය කරන්නේ නම් එය වඩාත් සාධාරණ හා සුදුසු නිර්නායකයක් වනු ඇති බවත් හෙතෙම පැවසුවා.

කෙසේ වුවද සජබ රජයක් යටතේ සහනාධාර ලැබිය යුතු නියම සුදුස්සන් තෝරා දේශපාලන භේදයකින් තොරව ඔවුනට එම ප්රතිලාභ ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.