hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 21, පෙ.ව. 11:49



ඩලස් අලහප්පෙරුම මහතා ශිලාචාර රජයන් ගැන කතා කළ බවත් ශිලාචාර රජයන් කොහෙවත් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළා.

ඒ අද (21) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මගේ මිත්‍ර ඩලස් අලහප්පෙරුම මහත්මයා ශීලාචාර රජයන් ගැන කතා කරා. මම නම් කියනවා සීලාචාර රජයන් කොහෙවත් නැහැ. ශීලාචාර කියන රටක් තමයි මහා බ්‍රිතාන්‍ය. මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා ඔටුන්න පළන්දන කොට ඒකට විරුද්ධව ඒ රටේ රටවැසියෝ බොහෝ දේ ඒකට විරුද්ධව මේ උද්ඝෝෂණ කරා. නමුත් ඔටුනු පළන්දලා ඉවර වෙනකන් ඒ උත්සවය ඉවර වෙනකන් ඒක මාධ්‍යයෙන් පෙන්නුවේ නැහැ. එතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන්ද මහා බ්‍රිතාන්‍යය ශීලාචාර රජයක් කියලා. මම මේක මතු කරේ. මොකද මම දන්න තරමින් නම් කොහෙවත් සීලාචාර රජයවල් නැහැ. මට සමාවෙන්න අලහප්පෙරුම මැතිතුමා.”