2023 ජූලි 01, ප.ව. 3:20
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සහ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ අද (01) පාර්ලිමේන්තු විවාදයට එක් වූ අවස්ථාවේදියි.
නිමල් ලංසා මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියා.
“අපි නාලක ගොඩහේවාට බයවෙන්න ඕනේ තමයි රට මේ තත්වෙට වට්ටපු එකට. මොකද බදු අඩු කළේ එතුමා තමයි ගෝඨාභය සර් ආපු ගමන්. බදු අඩු කරපු නිසා තමයි මේ රට වැටුණේ කියන එක මුළු රටම ආර්ථික විශේෂඥයෝ කියනවා. ඒ නිසා එතුමාගේ නම කිව්වමත් අපි බයයි. මොකද අවුරුදු තිහක් තිබ්බ දේශපාලනයම නැති කළා. අපේ තිබ්බ දේපළ විනාශ කළා. විනාශ කරන්න ප් රධානම උපදෙස් දුන්නේ බදු අඩු කරන්න මෙතුමා. මෙතුමාට ඒක නැහැයි කියන්න බැහැ. ඒ නිසා ඉතාමත් කරුණාවෙන් මම කියන්නේ. මම ඒක විවාදයට ආවොත් තව ඒවා කියන්නම්. ඒ නිසා කරුණාකරලා මම හිතනවා විවාදය නවත්තගන්න. නැත්නම් මම මුහුද කාපු හැටිත් පරිසරය කාපු හැටිත්, නැව් ගිල්ල හැටිත් ඔක්කොම කියන්නම්.”
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා එයට පිළිතුරු ලෙස මෙසේ සඳහන් කළා.
“මේවා ඉතින් නිතර නිතර කියන කතානේ. ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මුදල් ඇමතිත් මම නෙවෙයි. මුදල් රාජ්‍ය ඇමතිත් මම නෙවෙයි. රාජ්‍ය ජනාධිපති ලේකමුත් මම නෙමෙයි. භාණ්ඩාගාර ලේකමුත් මම නෙමෙයි. මහ බැංකු අධිපතිත් මම නෙමෙයි. මම කොහොමද ඕවා කරේ කියලා. මොලේ තියෙන මිනිස්සු දන්නවා මේ අය.”
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
2025 මැයි 20, ප.ව. 5:22